පසම් හා ලතෝනි තරඟ

Home Pasam Lathoni Competitions

පසම් ලතෝනි වීඩියෝ

පසම් ලතෝනි පොත්

පසම් ගායන කණ්ඩායම්

කටුකුරන්ද පසම් කණ්ඩායම

  • මර්සි කුරේ මිය
  • සිල්වරීන් කාරියවසම් මිය
  • ලුසිල්ඩා ඇන්ටනට් කුරේ මිය
  • බර්නදෙත් කුරේ මිය
  • ඒ.පී. චිත්‍රා රෝස්මරී වාස් මිය
  • එල්.සීතා ගෝමස් මිය
  • මේරියන් රික්සි පෙරේරා මිය
  • ඩබ්.බී. ශීලා ප්‍රනාන්දු මිය
  • ඩී.කාමන් ප්රමනාන්දු මිය
  • ඇනීටා ද සිල්වා මිය
  • එස්.එම්. ස්වේතා සංදීපනී
  • ඩබ්.එම්.ජෝයිස් ප්‍රනාන්දු පෙරේරා

කලමුල්ල පසම් කණ්ඩායම

  • ඩී.එම්.මැටිල්ඩා අන්ද්රා‍පදි මිය
  • එම්.එම්.ආර්.ඇන්ටනිකා කුරේ වනිගරත්න මිය
  • එම්.නදීකා ප්‍රියංගනි පෙරේරා මිය
  • ප්‍රියංකා සඳමාලි පෙරේරා මිය
  • ජී. දිලූෂ උපේන්ද්‍ර ප්‍රනාන්දු මයා
  • ඩබ්.ඩී.සුජීවා ප්‍රියන්ති මිය
  • එල්.ජේ. මාරි සිල්වා මිය
  • එල්. ඇනස්ටා කුමුදිනි සිල්වා මිය
  • ඩබ්.ඒ.ටී.මේනකා ප්‍රධාන මිය
  • එල්.වී. චිර්මාන් සිල්වා මිය
  • එම්.එම්. සුලිඅප්පේ මිය
  • කෙස්මන් සියුස්වා මිය

වාද්දුව පසම් කණ්ඩායම

  • ටී. ඇලෝසියස් පිරීස් මයා
  • එම්. ප්‍රැන්සිස් කුරේ මයා
  • එම්. ඇලෝසියස් කුරේ මයා
  • ටී. සිප්රිසයානු පීරිස් මයා
  • ඩබ්.ඩී.සුනිල් රෝහිත පෙරේරා මයා
  • එච්. ජූඩ් ප්‍රදීප් නිශාන්ත ෆොන්සේකා මයා
  • කේ. දීපා ලක්ෂ්මන් ප්‍රනාන්දු මයා
  • බී.එම්.එල් පද්මකුමාර ප්‍රනාන්දු මයා
  • එම්. ග්රා.සියුස් ඉරේෂන් පෙරේරා මයා
  • එම්.ප්‍රදීප් ලක්ෂාන් පෙරේරා මයා
  • එම්. ඇනී බියට්‍රිස් පෙරේරා මිය
  • කේ. විවියන් කැතරින් ප්‍රනාන්දු මිය
  • එම්.මියුරියල් ශාන්ති ඩොනිටා පෙර්රා මිය
  • එම්.මර්ලින් ෆොන්සේකා මිය
  • කේ. ඇනට් ක්‍රිස්ටබල් සිල්වා මිය
  • පී. මාලනී බියට්‍රස් ප්‍රනාන්දු මිය
  • බී.එම්. ප්‍රමෝදි රන්ධිකා ප්‍රනාන්දු මිය
  • උෂාකා ප්‍රනාන්දු මිය

කුඩා පයාගල පසම් කණ්ඩායම

  • ඒ.එච්.චන්ද්‍රිකා ප්‍රියානි සීමන් මිය
  • එස්.එම්.ඩී.ෂෙරිඩා ෆොලොරන්ස් මිය
  • ජී.තෙරේසා ප්‍රනාන්දු මිය
  • ඩබ්.බී.එම්. මර්සි ප්‍රනාන්දු මිය
  • එම්. සුනිල් පෝල් මයා
  • එෆ්.ඩී.ආර්.එස්.ලක්ෂ්මන් මයා
  • කේ.මේරි ෂර්ලින් ප්‍රනාන්දු මිය
  • පී.රේමන් ජෙරල්ඩ් ප්‍රනාන්දු මයා
  • ටී.පුෂ්පා පෙරේරා මිය
  • අයි.අයිරීන් කුරේ මිය

දීප ව්‍යාප්ත පසම් හා ලතෝනි ගායනා තරඟය - 2025

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව

පූජ්‍ය පඬිවර අතිගරු ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා විසින් සිරිලකට හඳුන්වා දෙන ලද මෙරට ට ම අනන්‍ය වූ පසම් හා ලතෝනි ගායනා මේ වන විට කිතුණු සමාජයෙන් තුරන් වී යන බවක් නිරීක්ෂණය වේ. වසර 300 කට අධික කාලයක් තිස්සේ අප මුතුන් මිත්තන් විසින් රැකගෙන ආ මෙරට ට ආවේනික වූ මෙම කිතුණු ජන ගායනා විශේෂය ඉදිරි පරපුර වෙත සමීප කිරීමේ අභිලාශයෙන් 2025 චතාරික සමය නිමිති කොටගෙන කතෝලික පාසල් හා කතෝලික දහම් පාසල් වල දූ දරුවන් සඳහා දීප ව්යාප්ත ව පසම් හා ලතෝනි ගායනා තරඟාවලියක් පැවැත්වීමට ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර ඇත.

තරඟ කොන්දේසි

  • කතෝලික පාසල් සිසුන් ට හා කතෝලික දහම් පාසල් සිසුන්ට පමණක් අයදුම් කළ හැක
  • සිංහල හා දෙමළ මාධ්‍ය දෙකෙන් තරඟය පැවැත්වේ
  • එක් සිසුවෙකුට ඉදිරිපත් විය හැක්කේ එක් භාෂා මාධ්‍යයකින් පමණි
  • කණ්ඩායම් ගායනයක් විය යුතුය
  • කණ්ඩායමක අවම වශයෙන් සාමාජිකයන් 08ක් සිටිය යුතු අතර වාදකයන් ද ඇතුලත් ව උපරිමය 12 කි. (වාදකයන් ද ඇතුළුව. වාදන භාණ්ඩ භාවිතා කරන්නේ නම් ඒවා තමන් විසින් සපයා ගත යුතු ය. කී බෝඩ්/සර්පිනා/වයලින් යන වාද්‍ය භාණ්ඩ වලින් උපරිම වශයෙන් භාණ්ඩ දෙකක් යොදා ගත හැක. ඒ අනුව කණ්ඩායමේ උපරිම වාදකයන් ගණන 02කි. ගායනයේ දී වාද්‍ය භාණ්ඩ භාවිතා කිරීම අනිවාර්ය නොවේ. වාදනය තරඟ විනිශ්චය ට අදාල නොවේ.)
  • පසම් හා ලතෝනි යන ප්‍රභේද දෙකෙන්, එක් ප්‍රභේදයකින් එක් ගායනා ව බැගින් ඉදිරිපත් කළ යුතුය.(ගායනා කිරිමට අදහස් කරන පසම හා ලතෝනිය අයදුම්පත සමග දෙපාර්තමේන්තුව යොමු කර එය නිවැරදි බවට තහවුරු කර ගත යුතුය)
    • පසම් – ජේසු ස්වාමි දරුවන්ගේ දුක් ප්‍රාප්තිය පිළිබඳව ලියැවී ඇති ගායනා
    • ලතෝනි -මරියතුමියගේ විලාපය පිළිබිඹු වන ගායනා
  • එක් ගායනයක් විනාඩි 3කට සීමා විය යුතුය
  • ඔබ විසින් සකසා ගන්නා ලද අයදුම්පතක් මීසම් භාර පියතුමා/ විදුහල්පතිතුමා ගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කළ යුතුය. (අයදුම්පතෙහි කණ්ඩායමේ නම, ලිපිනය, කණ්ඩායම භාරකරුගේ දුරකථන අංකය හා වට්ස්ඇප් අංකය සඳහන් කළ යුතුය. තරඟය පිළිබඳව සියලු ම දැනුවත් කිරීම් එකී දුරකථන අංක හරහා සිදු කරනු ලැබේ)
  • දෙපාර්තමේන්තු වෙබ් අඩවිය (www.christian.gov.lk) මගින් පසම් හා ලතෝනි පද හා තනු බා ගත කරගත හැක.
  • දෙපාර්තමේන්තු යූ ටියුබ් නාලිකාවේ පසම් ගායනා 209 ක් උඩුගත කොට ඇත. (https://www.youtube.com/@christianreligiousaffairs)
  • දෙපාර්තමේන්තුව මගින් ඉහත පරිදි සංරක්ෂණය කර ඇති පසම් ගායනා කිරීම අනිවාර්ය නොවන අතර තම ප්‍රදේශයට ආවේනික වචන හා තාල අනුව කැමති පසමක් හා ලතෝනියක් ගායනා කළ හැක.
  • ලැබෙන අයදුම්පත් වල ස්වභාවය අනුව තරඟ පවත්වන ස්ථාන තීරණය කරනු ලැබේ.
  • විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ
  • අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2025.02.21 දින වේ
  • අයදුම්පත් පහත ආකාරයට යොමු කළ හැක:
    • තැපැල් ලිපිනය – අධ්‍යක්ෂ, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව , 3 වන මහළ, 180, ටී. බී. ජයා මාවත, කොළඹ 10
    • විද්‍යුත් තැපෑල – minchris@sltnet.lk
    • ෆැක්ස් – 0112688126

වැඩිදුර තොරතුරු දුරකථන අංක 0112665584 ඔස්සේ ද ලබා ගත හැක

අධ්‍යක්ෂ

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව

Important Notice


This website is a demonstration version developed as part of a proposed redesign for the Department of Christian Religious Affairs.

The official website remains available at: https://www.christian.gov.lk/

All content displayed on this website has been sourced from the official website of the Department of Christian Religious Affairs, and all content rights remain with the Ministry.

The design, user interface, and all related digital elements of this demonstration website are the intellectual property of InstaSites Digital Agency, a subsidiary of Think Tank Technologies (Pvt) Ltd.

This website is intended solely for demonstration and evaluation purposes.

This will close in 20 seconds