ආගමික එකමුතුවෙන් නව මාවතක් කරා ..

ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව, හලාවත පදවි සෙඩෙක් ආයතනය සහ නාත්තන්ඩිය ආගමික එකතුව එක්ව, ‘ආගමික එකමුතුවෙන් නව මාවතක් කරා’ මැයෙන් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුර, නොමිලේ පැවැත්වූ ආයුර්වේද කඳවුර හා ඖෂධ ලබා දිමේ වැඩසටහන, දේශීය කැඳ සැකසීමේ වැඩමුළුව හා ආගමික සහජීවන ප්‍රදර්ශනය හා වැඩමුළුව ඊයේ එනම් (2023-11-04) දින දවස පුරා නාත්තණ්ඩිය ලූර්දු දේවස්ථානයේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විණි. හලාවත රෝහල් ලේ බැංකුවේ කාර්‍යය මණ්ඩලයේ සහයෝගයෙන් පැවති ලේ දන්දීමේ කඳවුර සදහා සියයකට අධික පිරිසක් සහභාගි වූ අතර සහභාගි වූ සියලු දෙනා සඳහා දේශීය ආහාර පාන, සහ දිවා ආහාරයද ලබා දීම හලාවත පදවි සෙඩෙක් ආයතනයේ මූල්‍ය අනුග්‍රාහයෙන් සිදු කළ අතර, දංකොටුව පෝසිලේන් ආයතනය මගින් ලේ දන් දුන් සියලු දෙනා හට වටිනා ත්‍යාගයක් ද පිරිනමන ලදී.

ඉතාමත් කෙටි කාලයක් තුල කිසිදු රසකාරකයක් හෝ ශරීරයට අහිතර කෘත්‍රීම දේවල්වලින් තොරව දේශීය සහල් උපයෝගි කරගනිමින් කැඳ සකස් කිරීමේ වැඩමුළුව කාගේත් සිත් ගත් අතර එම අවස්ථාවට සහභාගි වූ සියලු දෙනාටම ඉතාමත් රසවත් ඔෘෂධීය කැඳ කෝප්පයක රස බැලිමට ද අවස්ථාව උදා විය. තවත් වැදගත් අංගයක් වූයේ මාදම්පේ ආයුර්වේද රෝහලේ අනුග්‍රාහයෙන් නොමිලේ පැවැත්වූ දේශීය වෛද්‍ය සායනය සහ ඖෂධ ලබා දීමේ වැඩසටහනයි. මෙම අවස්ථාවටද විශාල පිරිසක් සහභාගි වූ අතර නාත්තන්ඩිය ආයුරුවේද බෙහෙත් ශාලාවේ දේශීය වෛද්‍යවරු විසින් නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දෙන ලදි. එම පැමිණි සියලුදෙනා හටම දේශීය ආහාරවලින් සංග්‍රාහ කිරීම සිදු කරන ලදී.

ප්‍රදේශයේ සියලුම ආගම්වල දරුවන් වෙනුවෙන් සියලුම ආගම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා ප්‍රදර්ශනාත්මක කුටි 4න් සමන්විතව ප්‍රදර්ශනයක්ද සංවිධානය කර තිබූ අතර එම ප්‍රදර්ශන කුටි ඔස්සේ දරුවන්ට එම ආගම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද අවස්ථාව උදාකර තිබුණි. තවද එම සියලුම දරුවන් වෙනුවෙන් ප්‍රායෝගික ක්‍රියාකරකම්වලින් ද සමන්විතව දේශනයක් Who am I තේමාව යටතේ හලාවත පදවි ධර්මෝපදේශ අධ්‍යක්ෂ ගරු ජයන්ත පියතුමාගේ මෙහෙයවීමෙන් සංවිධානය කර තිබූ අතර අන්තර් ආගමික සහජීවනයෙන් යුතුව කෙසේ කටයුතු කළ යුතු ද යන්න එම ක්‍රියාකාරකම් තුළින් ඔවුන්ට අවබෝධ කර දීම සිදු කරන ලදී. සහභාගි වූ සියලුම දරුවන් වෙනුවෙන් දේශීය ආහාර පාන හා දිවා ආහාරයද ලබා දෙන ලදී. තවද දරුවන් වෙනුවෙන් සෙඩෙක් ආයතනය විසින් නොමිලේ පැල ලබා දීමේ වැඩසටහනක්ද සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ආගම් නියෝජනය කරමින් විද්‍යාරත්න මහා පිරිවෙනෙහි ආචාර්ය පූජ්‍ය හිඟුරන කන්දේ පඤ්ඤා සමිත හිමි, ශ්‍රී අයියනායක දේවාලයේ ගෝබි ශර්මා කුරුක්කල්තුමන්,කොට්ටරාමුල්ල මුස්ලිම් දේවස්ථානයේ ඉසදින් මව්ලවි තුමන්, ජාතික සෙඩෙක් අධ්‍යක්ෂ ගරු ලූක් නෙල්සන් පියතුමා , හලාවත පදවි සෙඩෙක් අධ්‍යක්ෂ ගරු ඩිලාන් මේරියස් පියතුමා , හලාවත පදවි අන්තර් ආගමික සහජීවන අධ්‍යක්ෂ ගරු ඇලෙක්ස් නිලන්ත පියතුමා , නාත්තන්ඩිය ලුර්දු දේවස්ථානයේ මීසම් පාලක ගරු සුරංග ආසිරි පියතුමා, සහභාගි විය. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ගරු. අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමන් සහ ප්‍රදේශයේ සම්භාවනී ආරාධිතයින් විශාල පිරිසක් සහභාගි වූ අතර, පැමිණ සිටි කාගේත් පැසසුමට ලක්වුණු මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධරීන්, හලාවත පදවි සෙඩෙක් ආයතනයේ කාර්යමණ්ඩලය, නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව, මාරවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මාරවිල පොලිසිය, ප්‍රදර්ශනය පැවැත්වුණු නාත්තණ්ඩිය ලූර්දු මාතා දේවස්ථානයේ ගරු පියතුමන්ලා ඇතිලු සියලුම දෙනා, දේවස්ථානය සමග කටයුතු කරන තරුණ පිරිස හා ප්‍රදේශවාසීන් සියලුම දෙනා ඇප කැප වී කටයුතු කළ අතර මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම වෙනුවෙන් ඔවුන්ට ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ස්තුතිය පුද කරමු.

Important Notice


This website is a demonstration version developed as part of a proposed redesign for the Department of Christian Religious Affairs.

The official website remains available at: https://www.christian.gov.lk/

All content displayed on this website has been sourced from the official website of the Department of Christian Religious Affairs, and all content rights remain with the Ministry.

The design, user interface, and all related digital elements of this demonstration website are the intellectual property of InstaSites Digital Agency, a subsidiary of Think Tank Technologies (Pvt) Ltd.

This website is intended solely for demonstration and evaluation purposes.

This will close in 20 seconds